
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය විසින් ක්‍රමානුකූලව සිදු කරනු ලබන විදේශීය මැදිහත්වීම් සහ බලපෑම්වලට එරෙහිව වඩාත් සම්බන්ධීකරණයෙන් යුත් ඒකාබද්ධ ප්‍රතිචාරයක් දැක්වීමට G7 කණ්ඩායමට අයත් බලවත් රටවල් පියවර ගත යුතු බව කැනේඩියානු පර්යේෂකයෝ පිරිසක් අවධාරණය කරති.
තාක්ෂණය සහ උපක්‍රම දිනෙන් දින දියුණු වෙමින් පවතින පසුබිමක, බීජිං පාලනයේ නියෝජිතයන් විවිධ සමාජයන් තුළ වඩාත් ගැඹුරින් මුල් බැස ගනිමින් සිටින බැවින් මෙම පියවර කඩිනමින් ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.
‘ගෝලීය ආරක්ෂාව පිළිබඳ මොන්ට්‍රියල් ආයතනය’ විසින් මෙම විශේෂ වාර්තාව නිකුත් කර තිබේ. විශේෂත්වයක් වන්නේ, දශකයකට පසු ප්‍රථම වතාවට චීන විදේශ අමාත්‍යවරයා කැනඩාවේ ඔටාවා අගනුවර වෙත පැමිණීමට දිනකට පෙර මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කර තිබීමයි.
කැනේඩියානු පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් මැකේ කැනේඩියානු විදේශ කටයුතු අමාත්‍ය අනීතා ආනන්ද්ගෙන් ඉල්ලා සිටියේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යීගේ මෙම සංචාරය අතරතුරදී විදේශීය මැදිහත්වීම් පිළිබඳ ගැටලුව ඍජුවම සාකච්ඡාවට බඳුන් කරන ලෙසයි.
“මෙය කැනඩාව සහ චීනය අතර සබඳතා නැවතත් යහපත් මඟකට හැරවීමට ලැබුණු කදිම අවස්ථාවක්. දෙරටේම අමාත්‍යවරුන් මෙම අවස්ථාව උපයෝගී කරගනිමින්, මෙරටට එල්ල වන විදේශීය බලපෑම් සහ මැදිහත්වීම් සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් මැකේ පැවසීය.
එමෙන්ම, කැනඩාව තුළ සිදු කෙරෙන මෙවැනි විදේශීය මැදිහත්වීම් නැවැත්වීම සඳහා චීන රජය ලබා දෙන පොරොන්දු මොනවාදැයි විදේශ අමාත්‍යවරුන් දෙදෙනාගෙන් ඍජුවම ප්‍රශ්න කරන ලෙසද ඔහු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.
චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මීට පෙර 2016 මැයි මස අග භාගයේදී කැනඩාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී චීනයේ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්න කළ කැනේඩියානු මාධ්‍යවේදියෙකුට ඔහු දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කෝපයෙන් අදහස් දැක්වීම එකල දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart