
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ලබාගැනීමට චීන සමාගමක් කළ ඉල්ලීම තවමත් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ප්‍රදර්ශන කටයුතු සඳහා රිලවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත අපනයනය කරන ලෙස චීන සමාගමක් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව ඇමැති අමරවීර ප්‍රකාශ කළේය.
ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් කමිටුවක් පත් කර සාකච්ඡා කරමින් සිටින අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය පියවර ගත යුතු බවද නිරීක්ෂණය කර ඇති බවයි.
“කෙසේ වෙතත්, පරිසර සංවිධාන කිහිපයක් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් පෙන්වාදී තිබෙන්නේ රිලවුන් චීනයට ආහාර ලෙස අපනයනය කරන බවට පවසමින්. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.” යැයි හෙතෙම පෙන්වාදුන්නේය.
ශ්‍රී ලංකාවෙන් වඳුරන් ලබා ගැනීමට චීන සමාගම තවමත් උනන්දු වන බැවින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව බලධාරීන් දන්වා ඇති බවද ඇමැති අමරවීර සඳහන් කළේය.
කෙසේ වෙතත්, යෝජිත සැලැස්මට එරෙහිව පරිසරවේදීන් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ඇමැතිවරයා අනාවරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart