
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය විසින් තායිවානයට නැගෙනහිර දෙසින් පිහිටි මුහුදු කලාපයේ නව වෙරළාරක්ෂක මුරසංචාරක මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය.
පසුගිය ජුනි මාසයේදී ද තායිවාන වෙරළට ඔබ්බෙන් චීන විශේෂ බලකායක් මෙහෙයවීම බටහිර රටවල් කිහිපයක දැඩි කනස්සල්ලට හේතු වූ අතර, මෙම නවතම පියවරත් සමඟ තායිපේ (තායිවාන) රජය වෙතින් ඊට දැඩි ප්‍රතිචාර එල්ල වී තිබේ.
බීජිං පාලනය විසින් තමන්ගේම භූමියක් ලෙස සලකන තායිවානය වටා චීන හමුදාව දිනපතාම පාහේ මෙහෙයුම් සිදු කරයි.
කෙසේ වෙතත්, මෑතක සිට චීනය තම භූමිය පිළිබඳ හිමිකම් පෑම තහවුරු කිරීම සඳහා වෙරළාරක්ෂක බලකාය යොදා ගැනීමට පටන් ගෙන ඇත. තායිවානය මෙය හඳුන්වන්නේ චීන ක්‍රියාමාර්ග සඳහා නීතිමය පදනමක් නිර්මාණය කර ගැනීමට උත්සාහ කරන “නීතිමය උපක්‍රමයක්” ලෙසය.
තමන්ගේ අධිකරණ බල සීමාවට අයත් මුහුදු කලාපයේ “නීතිය බලාත්මක කිරීමේ මුරසංචාර” ශක්තිමත් කරන බවත්, චීනයේ භූමිය පිළිබඳ ස්වෛරීභාවය මෙන්ම සමුද්‍රීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ස්ථිරවම ආරක්ෂා කරන බවත් චීන වෙරළාරක්ෂක බලකාය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මෙම නව මුරසංචාරය තරයේ හෙළා දුටු තායිවාන රජය, මෙය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස බලය ව්‍යාප්ත කිරීමක් සහ කලාපීය ස්ථාවරත්වය අවුල් කිරීමක් බව ප්‍රකාශ කළේය.
තායිවානයේ චීන ප්‍රතිපත්ති සම්පාදනය කරන ‘ප්‍රධාන භූමි කටයුතු පිළිබඳ කවුන්සිලය’ ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කළේ, “තායිවානයට නැගෙනහිරින් ඇති මුහුදු කලාපයේ චීන කොමියුනිස්ට්වාදීන්ට කිසිදු ස්වෛරීභාවයක් හෝ ඊට අදාළ අයිතිවාසිකම් නැති බවත්, එම මුහුදු සීමාවන් කෙරෙහි ඔවුනට කිසිදු අධිකරණ බලයක් නොමැති බවත්ය.
එබැවින් චීන රජයේ කිසිදු නිල යාත්‍රාවකට එහි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු බලයක් නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart