
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන ආන්දෝලනාත්මක චීන පර්යේෂණ නෞකාව වන ෂි යැන් 6(Shi Yan 6) ඉන්දියානු සාගරයේ දින 80 ක ගවේෂණ කටයුතු ආරම්භ කර, ඊයේ (16) සවස මලක්කා සමුද්‍ර සන්ධිය වෙත ගමන් කරමින් සිටියද, ඒ සඳහා තවමත් රාජ්‍යතාන්ත්‍රික අවසරයක් කොළඹ ලබා දී නැත.
මෙරට ආරක්ෂක අමාත්‍යංශය නෞකාවට අවසර ලබාදී ඇතත්, විදේශ කටයුතු අමාත්‍යංශයේ අවසරය මෙතෙක් ලබාදී නොමැති බව අනාවරණය වේ.
විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රියංග වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ, ඊයේ සවස් වන විටත් අමාත්‍යාංශය නෞකාවට අවශ්‍ය අවසරය ලබාදී නොමැති බවයි.
ඊට හේතුව සමීක්ෂණය සිදුකෙරෙන දින සහ සාගර ප්‍රදේශ පිළිබඳව තවමත් අවසන් එකඟතාවකට පැමිණ නොමැති වීමයි.
පසුගිය සතියේ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පැවසුවේ, ශ්‍රී ලංකාව නෞකාවට අවසර ලබා දී නොමැති බවත් ඉල්ලීම පිළිබඳව සළකා බලමින් සිටින බවත්ය.
ෂි යාන් 6 නෞකාවට කොළඹ වරායට පැමිණීමට අවසර ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පසුගිය මාසයේ ප්‍රකාශ කළද, විදේශ කටයුතු අමාත්‍යාංශය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව අවසර ලබා දී නොමැති බවත් ඉල්ලීම ක්‍රියාත්මක කරමින් සිටින බවත්ය.
චීනය මෙම වසරේ අප්‍රේල් මාසයේදී මෙහෙයුම සඳහා අවසර ඉල්ලා මෙම ඉල්ලීම කර ඇති අතර, නෞකාව ඔක්තෝම්බර් මාසයේදී දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart