September 26, 2026

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 100 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ තබා තිබූ වසර 24 ක් පැරණි ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාව බිඳවැටී ඇත.

කාන්තා මීටර් 100 අවසාන තරගයේදී තත්පර 11.06 ක කාලයක් සටහන් කරමින් මෙම නව ආසියානු ක්‍රීඩා උළෙල වාර්තාව පිහිටුවීමට චීනයේ 17 හැවිරිදි කෙටිදුර ධාවන ක්‍රීඩිකා චෙන් යුජී සමත් වූවාය.

මීට පෙර තත්පර 11.15 ක් ලෙස පැවති වාර්තාව, 2002 වසරේ දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවන ලද්දකි.