
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියන ආන්දෝලනාත්මක චීන භූ භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව හෙවත් ෂී යැන් 6 ලබන ඉරිදා දකුණු චීනයේ Guangdong පළාතේ Guangzhou වරායෙන්, ඉන්දියානු සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ගවේෂණ චාරිකාවක් සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනය (SCSIO) විසින් සංවිධානය කරන ලද මෙම නෞකා ගමනට නාවික සැතපුම් 12,000 කට වඩා වැඩි පරාසයක් ආවරණය වන බව පැවැසේ.
පර්යේෂණ කණ්ඩායම් 13 කින් විද්‍යාත්මක පර්යේෂණ ව්‍යාපෘති 28 ක් සමඟ දින 80 ක් මෙම නෞකාව සාගරයේ රැඳී සිටීමට අපේක්ෂා කරන බව අනාවරණය වේ.
මුහුදු සේද මාවත ඔස්සේ රටවල් සමඟ විද්‍යාත්මක පර්යේෂණ සහයෝගීතාව සහ හුවමාරු ශක්තිමත් කිරීම සහ ‘තීරය සහ මාර්ග මුලපිරීම'(Belt and Road Initiative) සඳහා විද්‍යාව හා අධ්‍යාපනය ඒකාබද්ධ කිරීම තවදුරටත් සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සංචාරය අපේක්ෂා කරන බව SCSIO හි ව්‍යාපෘති නායක සහ නියෝජ්‍ය අධ්යක්ෂ Lin Qiang පවසා ඇත.
යුවාන් මිලියන 500කට අධික (ඩොලර් මිලියන 77ක් පමණ) මුළු ආයෝජනයක් සමඟින්, ගැඹුරු සාගර විද්‍යාත්මක පර්යේෂණ සඳහා චීනයේ ක්‍රියාත්මක ටොන් 3,000ක යාත්‍රාවල ඉදිරිපෙළ නෞකාවක් ලෙස ෂියාන් 6 හැඳින්වේ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරන්නේ මෙම සංචාරය අතරතුරදීද යන්න මෙතෙක් තහවුරු කර නැත.
කෙසේවෙතත් ඊට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙරට ආරක්ෂක අමාත්‍යංශය අනුමැතිය ලබාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart