
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපද හමුදා වළක්වාලීම සඳහා චීන හමුදාව වඩ වඩාත් භයානක ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සිටින බව අනාවරණය වේ.
මෙම ක්‍රියාමාර්ග වලට ඇමරිකානු ගුවන් යානා බිය ගැන්වීමේ උපක්‍රම ද ඇතුළත් වන අතරම, චීනය සිය න්‍යෂ්ටික හැකියාවන් ද ඉහළ නංවමින් සිටින බව පෙන්ටගනය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.
පසුගිය දශකයක කාලයකට වඩා පසුගිය වසර දෙක තුළ එක්සත් ජනපදයට චීන හමුදාව විසින් “බලහත්කාර සහ අවදානම්” ගුවන් බාධා කිරීම් සිදුකර ඇති බව එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව, අමෙරිකානු කොන්ග්‍රසයට ඉදිරිපත් කරන සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කර තිබේ.
චීනය සිය මූලෝපායික න්‍යෂ්ටික අවි ගබඩාව ගොඩනැගීම දිගටම කරගෙන යන අතර, පසුගිය මැයි වන විට න්‍යෂ්ටික යුධ හිස් 500ක් රැස්කර ගෙන ඇති බව පෙන්ටගනය හෙළිකර ඇත. එම සංඛ්‍යාව පසුගිය වසරේ ඇස්තමේන්තුවට වඩා 100 ක පමණ වැඩිවීමකි.
පෙන්ටගනයේ වාර්තාව පවසන්නේ, 2021 වසරේ සිට එක්සත් ජනපදය විසින් කලාපය තුළ, චීන හමුදා විසින් හමුදා විසින් එක්සත් ජනපද ගුවන් යානා 180 කට වඩා වැඩි ප්‍රමාණයක් රහසිගතව නිරීක්ෂණය කර ඇති බවයි.
චීනය ආසන්නයේ අන්තර්ජාතික අහසේ සහ මුහුදේ ක්‍රියාත්මක වන එක්සත් ජනපද මිලිටරි ගුවන් යානා හා නැව්වලට එරෙහිව චීනය දිගු කලක් තිස්සේ විවිධ ක්‍රියාකාරකම් සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart