
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන හමුදාවේ ජ්‍යෙෂ්ඨතම ජෙනරාල්වරයා මෙන්ම ජනාධිපති ෂී ජින්පින්ගේ සමීප සගයෙකු වන ෂැං යූෂියා, බරපතල විනය සහ නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රඳවා තබාගෙන විමර්ශනයට ලක්කර ඇතැයි වාර්තා වේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ මෙම ක්‍රියාමාර්ගය හමුවේ චීනයේ හමුදා නායකත්වය කැළඹීමකට ලක්ව ඇති බවයි.
ෂැං යූෂියා යනු චීනයේ මහජන විමුක්ති හමුදාවේ පාලක මණ්ඩලය වන මධ්‍යම හමුදා කොමිසමේ ඒකාබද්ධ උප සභාපතිවරයා ය.
හමුදා අණදෙන ව්‍යුහයේදී ජනාධිපති ෂීට පමණක් දෙවැනි වන ෂැං, චීන ජනාධිපතිවරයාගේ සමීපතම හමුදා සගයා ලෙස දිගු කලක සිය හඳුන්වනු ලැබීය.
කෙසේවෙතත් චීන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ මධ්‍යම හමුදා කොමිසමේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික ප්‍රධානී ෂැං සහ ලියු ෂෙන්ලි විමර්ශනයට ලක්ව ඇති බවයි.
චීනයේ හමුදා පුවත්පතක් වන ලිබරල් ආමි ඩේලි හි ප්‍රකාශයට පත්කරන ලද කතුවැකියකින් කියැවුණේ ෂැං සහ ලියු කොමියුනිස්ට් පක්ෂයේ සහ මධ්‍යම හමුදා කොමිසමේ විශ්වාසය සහ අපේක්ෂාවන් බරපතල ලෙස පාවාදුන් බවයි.
රටේ න්‍යෂ්ටික අවි වැඩසටහන පිළිබඳ තොරතුරු එක්සත් ජනපදයට රහස්‍ය ආකාරයෙන් ලබාදීම සහ නිලධාරියෙකු ආරක්ෂක අමාත්‍ය ධුරයට උසස් කිරීම ඇතුළු නිල ක්‍රියාවන් සඳහා අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ෂැංට චෝදනා එල්ල වී ඇති බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart