
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන විද්‍යුත් වාහන නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්තයා වන BYD සමාගමේ මෙම වසරේ ඉකුත් කාර්තුවේදී ආදායම පළමුවරට ටෙස්ලා සමාගම පරදවමින් ඉහළ ගොස් තිබේ.
ජූලි සහ සැප්තැම්බර් කාර්තුවේදී එම සමාගම යුවාන් බිලියන 200කට වඩා (ඩොලර් බිලියන 28.2, පවුම් බිලියන 21.8) ආදායමක් උපයා ඇත.
මෙය පසුගිය වසරේ එම කාලයට වඩා 24%ක වැඩිවීමක් වන අතර, කාර්තුමය ආදායම ඩොලර් බිලියන 25.2ක් වූ එලොන් මස්ක්ගේ සමාගමට වඩා වැඩිය.
කෙසේවෙතත්, ටෙස්ලා සමාගම තවමත් තුනවැනි කාර්තුවේදී BYD සමාගමට වඩා වැඩි විදුලි වාහන සංඛ්‍යාවක් (EVs) අලෙවි කර තිබේ.
මෙම වාර්තා පැමිණෙන්නේ, චීනයේ විද්‍යුත් වාහන අලෙවිකරුවන් රජයේ සහනාධාරවලින් සිය නිෂ්පාදන ඉහළ නංවාගෙන පාරිභෝගිකයන්ට පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ වෙනුවට විදුලි වාහන හෝ දෙමුහුන් වාහන අලෙවි කිරීම සඳහා දිරිමත් වීමත් සමගයි.
චීනයේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථ නිෂ්පාදකයා ලෙස අඛණ්ඩව වර්ධනය වන බවට ලකුණක් තබා ඇති BYD සමාගම ඉකුත් කාර්තුවේ අවසාන මාසය තුළ වාර්තා තබමින් සිය නිෂ්පාදන අලෙවි කර තිබේ.
එහෙත් BYD වැනි දේශීය මෝටර් රථ නිෂ්පාදකයන් චීන රජය දක්වන සහයෝගය හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය රටවලින් පවතින්නේ දැඩි විරෝධයකි.
මෙම සතිය මුලදී, යුරෝපා සංගමය විසින් චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන ආනයනය සඳහා 45.3% දක්වා තීරු බදු බලාත්මක කළේය.
චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන් දැනටමත් අමෙරිකාවෙන් සහ කැනඩාවෙන් 100% බද්දකට මුහුණ දී සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart