
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දුර්වල ගුණාත්මකභාවය සහ නොගැලපෙන කාර්ය සාධනය හේතුවෙන් චීනයේ අවි අපනයනය පහත වැටී ඇති බව වාර්තා වේ.
මෙම තත්වය ගැනුම්කරුවන් සහ චීනය සමග ගනුදෙනු කරන රටවල් අනතුරේ හෙළීමට හේතුවී ඇත.
‘ඩිරෙක්ටස්’ හි වාර්තාවකට අනුව පසුගිය දශකය තුළ චීනයේ ආයුධ අපනයනය හතරෙන් එකකින් පමණ පහත වැටී ඇත.
චීනයේ මහජන විමුක්ති හමුදාවද (PLA) අඩු ගුණාත්මක අවි පිළිබඳ ගැටලුවෙන් පීඩා විඳින බව එම වාර්තාවේ සඳහන් වේ.
ස්ටොක්හෝම් ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනයට (SIPRI) අනුව, 2016 සහ 2020 අතර චීනයේ ආයුධ නැව්ගත කිරීම් පෙර වසර පහක කාලය හා සසඳන විට සියයට 7.8 කින් පහත වැටී ඇත.
එහි ගෝලීය වෙළෙඳපොළ කොටස සියයට 5.6 සිට සියයට 5.2 දක්වා අඩුවී තිබේ.
චීනය ලොව රටවල් 53කට පමණ නිත්‍යානුකුලව ආයුධ අපනයනය කරනු ලබයි.
පාකිස්ථානය, මියන්මාරය, බංග්ලාදේශය, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග කලාපය ඒ අතරින් ප්‍රධාන වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart