
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශන පැවැත්වෙන අතරතුර සිසුන් ඒ කෙරෙහි නිසි අවධානයක් යොමු කරන්නේද යන්න පරීක්ෂා කිරීම සඳහා චීනයේ විශ්වවිද්‍යාලයක් විසින් දැවැන්ත නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වා දී තිබේ.
South China Morning Post පුවත්පත වාර්තා කරන පරිදි, නැන්ජින් විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති මෙම සුහුරු පන්ති කාමර නිරීක්ෂණ පද්ධතිය මෙම මාසයේ සිට ක්‍රියාත්මක වන අතර, ඒ සම්බන්ධයෙන් සිසුන්ගෙන් පැමිණිලි එල්ල වීමත් සමඟ අන්තර්ජාලය ඔස්සේ ද ඒ පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.
දේශන අතරතුර සිසුන්ගේ අවධානය මැන බැලීම සඳහා ඔවුන් හිස ඔසවා සිටින වාර ගණන හෙවත් “හිස එසවීමේ අනුපාතය” මෙම තාක්ෂණය හරහා නිරීක්ෂණය කෙරෙන අතර, එම දත්ත ඔවුන්ගේ අධ්‍යයන ලකුණු සමඟ සම්බන්ධ කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා විශ්වවිද්‍යාලය විසින් යුවාන් මිලියන 31.52ක් වැය කර ඇති බව සඳහන් වේ.
දේශන ශාලා 113ක මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති අතර, එහි සවිකර ඇති කැමරා කිහිපයක් මඟින් සිසුන්ගේ පැමිණීම, ප්‍රමාද වී පැමිණීම සහ ඔවුන් දේශනවලට කොතෙක් දුරට අවධානය යොමු කරන්නේද යන්න නිරීක්ෂණය කරන බව එම වාර්තාවේ දැක්වේ. මෙමඟින් රැස්කරගන්නා දත්ත සිසුන්ගේ ඇගයීම් ලකුණු සහ විභාග සඳහා පෙනී සිටීමේ සුදුසුකම් කෙරෙහි බලපානු ඇති බවට ආචාර්යවරුන් විසින් සිසුන් දැනුවත් කර ඇති බව ද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
මෙම පුවත පැතිර යාමත් සමඟ සිසුන් සහ අනෙකුත් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිය පෞද්ගලිකත්වය සහ දත්ත රැස්කිරීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කිරීමට පටන් ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart