
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය රහස් දැනගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ ඉහළ නිලධාරීන් ඉලක්ක කරමින් සිටින බවට බ්‍රිතාන්‍යය රජය චෝදනා කරයි.
බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ බුද්ධි හා ආරක්ෂක කමිටුව (ISC) විසින් පසුගිය ජුලි මාසයේ ඉදිරිපත් කළ වාර්තාවක, චීන ඔත්තු බැලීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආණ්ඩුවේ ප්‍රවේශය “සම්පූර්ණයෙන්ම ප්‍රමාණවත් නොවන” සඳහන් කර තිබේ.
චීනයට ඔත්තු බැලූ බවට සැකපිට බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු පර්යේෂකයකු මේ වසර මුලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාව තීව්ර වී තිබේ.
දේශීය ඔත්තු සේවය වන MI5 ද පාලක කොන්සර්වේටිව් පක්ෂයට අනතුරු අඟවා ඇත්තේ, මන්ත්‍රීවරුන් දෙදෙනකුද චීන ඔත්තුකරුවන් විය හැකි බවටයි.
විශේෂයෙන්ම වත්මන් සහ හිටපු සිවිල් සේවකයන් ඉලක්ක කර චීනය බ්‍රිතාන්‍ය ජාතිකයන් ලුහුබඳිමින් සිටින බව පැවැසේ.
උයිගුර් සුලුතරයට එරෙහි අයිතීන් උල්ලංඝණය කිරීම් සහ හොංකොං හි නිදහසට එරෙහි මර්දනයක් හේතුවෙන් චීනය එක්සත් රාජධානියට “ක්රමානුකූල තර්ජනයක්” ලෙස මේ වන විටත් එරට රජය විසින් නම්කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart