
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන-ශ්‍රී ලංකා ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ හා ආදර්ශන මධ්‍යස්ථානයට චීනය විසින් අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව චීන තානාපතිවරයා ප්‍රකාශකර ඇත.
පසුගියදා චීන විද්‍යා ඇකඩමිය, ශ්‍රී ලංකා ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අතර ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවයට එක්වෙමින් චීන තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කරන ලද නිදන්ගත වකුගඩු රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව්‍යාපෘති යෝජනා සඳහා චීන රජයෙන් ධනාත්මක ප්‍රතිචාර සහ සහයෝගය ද ලැබී තිබේ.
ඒ අනුව ජල සැපයුම් නල මාර්ග ව්‍යාපෘතිය, වකුගඩු රෝහල සහ නොදන්නා සම්භවයක් ඇති නිදන්ගත වකුගඩු රෝග වැළැක්වීම, ප්‍රතිකාර කිරීම සහ හේතුව සොයාගැනීම සඳහා වන ව්‍යාපෘති තුනකට චීනය සහාය ලබාදෙයි.
“අනාගතයේදී, ඒකාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ සහ ආදර්ශන මධ්‍යස්ථානය ප්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට සහ රටවල් දෙකේ වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම සඳහා රටවල් දෙකෙහි සහාය ඇතිව අපි චීන-ශ්‍රී ලංකා ජල විද්‍යා සහ තාක්ෂණ සහයෝගීතාව ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට දිගටම කටයුතු කරන්නෙමු” යැයි චීන විද්‍යා ඇකඩමියේ මහාචාර්ය Wei Yuansong මෙහිදී ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart