
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මුහුදේ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තම පර්යේෂණ යාත්‍රාවලට බාධා කිරීම ඇතැම් රටවල් තමන් ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සළකන නමුත් එසේ නොවන බව ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් චීන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයකු ප්‍රකාශ කර තිබේ.
කොළඹ වරාය නගරයේ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ මාධ්‍යවේදීන් පිරිසක් සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදයකදී චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Yanwei Zhu කියා සිටියේ ශ්‍රී ලංකාව මිත්‍රශීලී රටක් ලෙස එවැනි පියවරක් ගනු ලැබුවේ ඇයිද යන්න පිළිබඳ චීනයේ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව පුළුල් අවධානයක් යොමු කර ඇති බවයි.
එය තුන්වැනි පාර්ශ්වයක අවශ්‍යතාව මත සිදු කළ පියවරක් ලෙස සඳහන් කළ ඔහු කියා සිටියේ ඇතැම් රටවල් එය රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණයක් ලෙස සළකන නමුත් චීනය නිහඬව සිටින්නේ ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වය ගසාකෑමට උනන්දු නොවන නිසා බවයි.
චීනය ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට සහ ස්වෛරීභාවයට ගරු කරන බව ද ඔහු පැවසීය.
එසේම, එවැනි පර්යේෂණ සිදු කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකියාවක් නොමැති බවත් චීනය උදව් කිරීමට ඉදිරිපත් වූ බවත් ඔහු පැවසීය.
වෙනත් කිසිදු රටක් මේ ආකාරයෙන් උදව් කිරීමට ඉදිරිපත් නොවූ බවද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart