
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමෙරිකානු ආනයන බදු මඟහැරීමේ අරමුණින් චීනයේ නිෂ්පාදිත මෙට්ට, සිංගප්පූරුවේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කරමින් සිදුකළ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකුට සිංගප්පූරු අධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
මෙලෙස චෝදනා ලබා ඇත්තේ ලෝ යිව් කොං (68), ලියොන්ග් යූ ෆොන්ග් (41) සහ ලෝ චෙන් සින්ග් ඩැරන් (37) යන සිංගප්පූරු ජාතිකයන් තිදෙනාට සහ ‘Brighture Et Riche’, ‘Brighture Et Riche (Int)’ සහ ‘Zenova International’ යන සමාගම් තුනට බව සිංගප්පූරු රේගුව ප්‍රකාශ කළේය.
සිංගප්පූරුවේ සිට ඇමෙරිකාවට අපනයනය කරන ලද මෙට්ට තොගයක් සිංගප්පූරු නිෂ්පාදන ලෙස ව්‍යාජ ලෙස ප්‍රකාශ කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව 2025 පෙබරවාරි මාසයේදී බලධාරීන් මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණි.
එහිදී හෙළි වී ඇත්තේ එම මෙට්ටවල සැබෑ නිෂ්පාදකයා චීනය බවයි.
2022 අගෝස්තු සහ 2025 ජුනි මාසය අතර කාලය තුළ ක්‍රියාත්මක වූ මෙම ජාවාරම මගින් සිංගප්පූරු ඩොලර් මිලියන 23 කට (ඇමෙරිකානු ඩොලර් මිලියන 18 කට) වඩා වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මෙලෙස ව්‍යාජ ලෙස අපනයනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
චීනයේ නිෂ්පාදිත මෙට්ට සාධාරණ වටිනාකමට වඩා අඩු මිලකට ඇමෙරිකානු වෙළඳපොළට මුදාහරින බවට 2019 වසරේදී ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුව තහවුරු කිරීමෙන් පසු, චීනයෙන් ඇමෙරිකාවට අපනයනය කරන මෙට්ට සඳහා විශේෂ විරෝධී බදු පනවා තිබුණි. මෙම බදු මුදල් මඟහැරීම සඳහා සැකකරුවන් මෙම උපක්‍රමය භාවිත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart