
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය එහි වේගවත්ම මැග්ලෙව් දුම්රිය සමඟ නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇති අතර, තත්පර දෙකකින් පැයට කිලෝමීටර 700 ක වේගයකින් එය ධාවනය කර ඇත.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ එය කෙතරම් වේගවත්ද යත් වේගය පිළිබඳ වැටහීමටත් පෙර දුම්රිය අතුරුදන් වන බවයි.
චීනයේ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් චුම්භක ලෙවිටේෂන් දුම්රියක් පිළිබඳ පරීක්ෂණයක් සිදුකර ඇති අතර, ඒ අනුව ටොන් එකක් (කිලෝග්‍රෑම් 1,000 ක් පමණ) බරැති දුම්රියක් මෙම ඇදහිය නොහැකි වේගය යටතේ ධාවනය කිරීමට සමත්ව තිබේ.
මෙම පරීක්ෂණය මීටර් 400 (අඩි 1,310) ක මැග්ලෙව් ධාවන පථයක සිදුකර ඇත.
එම වේගයට ළඟා වූ පසු දුම්රිය ආරක්ෂිතව නතරකර ඇති අතර, ඒ අනුව එය මෙතෙක් වේගවත්ම සුපිරි සන්නායක විදුලි මැග්ලෙව් දුම්රිය බවට පත්ව තිබේ.
පරීක්ෂණය පිළිබඳ නිකුත් කර ඇති වීඩියෝවේ දැක්වෙන පරිදි දුම්රිය අකුණු සැරයක් මෙන් වේගයෙන් ගමන් කරයි.
ඒ, පියවි ඇසින් දැකීමට, සිහින් මීදුම සහිත මාවතක් ඉතිරි කරමිනි.
එය විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් මෙන් වේගයෙන් නොපෙනී යන බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
එම පර්යේෂකයින් කණ්ඩායම මීට පෙර ඉකුත් ජනවාරි මාසයේදී එම ධාවන පථයේම පැයට කිලෝමීටර 648 ක වේගයකින් දුම්රියක් ධාවනය කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart