
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් අමාත්‍යාංශය විසින් 2024 ජූනි මස ප්‍රකාශයට පත් කරන ලද ණය ප්රකාශනයට අනුව, ශ්‍රී ලංකාව චීනයේ අපනයන ආනයන බැංකුව(එක්සිම් බැංකුව) වෙත ගෙවිය යුතු පැහැර හරින ලද ණය සහ නිශ්චිතව දක්වා නොමැති පසුගිය පොලී ඩොලර් මිලියන 4,187ක නව ණය වශයෙන් ප්‍රතිව්‍යුහගත කර තිබේ.
2024 මාර්තු මාසය වන විට ශ්‍රී ලංකාව චීනයේ එක්සිම් බැංකුව වෙතින් ඩොලර් මිලියන 3,993ක ණය ලබාගෙන තිබූ අතර මිලියන 903.8ක් හිඟ මුදල් විය.
ජුනි මාසය වන විට ප්‍රතිව්‍යුහගත ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,187ක් ලෙස දක්වා තිබේ..
කෙසේවෙතත් ප්‍රාග්ධනීකරණය කරන ලද පසුගිය ගෙවිය යුතු පොලී ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් අනාවරණය කර නොමැත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ ඉදිරියට යන ද්විපාර්ශ්වික ණයවල සාමාන්‍ය පොලී අනුපාතය සියයට 2.1ක් පමණ වන බවයි.
එක්සිම් බැංකුවේ ණයවලට අමතරව ඩොලර් මිලියන 6.438ක පැරිස් සමාජයට ඇති ණය සහ අනෙකුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු විය.
ලබාගෙන තිබූ ණය ලබාගැනීම් නවයක් ප්‍රතිව්‍යුහගත කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වේ.
ශ්‍රී ලංකාව සතු ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,588.6ක් වූ අතර ඉන් ඩොලර් මිලියන 2,167.5ක් 2024 මාර්තු අවසන් වන විට හිඟ වී තිබිණි.
එක්සිම් බැංකුව ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය මාර්තු මාසයේදී ඩොලර් මිලියන 10,588.6 සිට 2024 ජූනි මස අවසන් වන විට ඩොලර් මිලියන 10,625.2ක් දක්වා ඉහළ ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart