
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීනය අලුතින් පනවන ලද ජාතික හා වාර්ගික සමගිය පිළිබඳ නීතිය උල්ලංඝනය කරමින් සිය දේශසීමාවෙන් බැහැරව ක්‍රියා කරන පුද්ගලයන් ඉලක්ක කර නීතිමය පියවර ගැනීමට තම රටට අයිතියක් ඇති බව චීන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර සම්ප්‍රදායන්ට අනුකූලව සිදුකෙරෙන මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල මෙන්ම අත්‍යවශ්‍ය එකක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ටිබෙට් සහ උයිගර් ඇතුළු චීනයේ වෙසෙන සුළුජාතික කණ්ඩායම් 55ක් අතර පොදු ජාතික අනන්‍යතාවයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් චීනය විසින් පසුගිය මාර්තු මාසයේදී මෙම නව නීතිය සම්මත කරගන්නා ලදී.
චීන පාලනයට එරෙහිව මෙම සුළුජාතීන් අතරින් ඇතැම් පිරිස් වසර ගණනාවක සිට විරෝධතාවල නිරත වන අතර, ඉන් සමහරක් ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ද ගෙන තිබුණි.
ලබන ජූලි 1 වැනිදා සිට බලාත්මක වීමට නියමිත මෙම නව නීතියට විශේෂ වගන්තියක් ඇතුළත් කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව චීන මහජන සමූහාණ්ඩුවේ දේශසීමාවෙන් බැහැරව සිටින යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් “වාර්ගික සමගිය හා ප්‍රගතිය නැති කිරීමට හෝ වාර්ගික බෙදුම්වාදය උසිගැන්වීමට” කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීතිමය වශයෙන් වගවීම් පැවරීමට චීන රජයට හැකියාව ලැබෙනු ඇත.
මෙම නව නීතිමය තත්ත්වය, චීනය විසින් තමන්ගේ අයිතිවාසිකම් කියනු ලබන තායිවානය තුළ දැඩි කනස්සල්ලක් ඇති කිරීමට හේතු වී තිබේ.
බෙදුම්වාදීන් ලෙස චීනය සලකන තායිවාන වැසියන්ට එරෙහිව පියවර ගැනීමට බීජිං පාලනයට මේ හරහා තවත් නීතිමය පදනමක් ලැබෙනු ඇතැයි ඔවුහු බිය පළ කරති.
මේ අතර, මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ දේශපාලන වැරදි සම්බන්ධයෙන් චීනයට අවශ්‍යව සිටින විදේශයන්හි වෙසෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා චීන රජය ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන අවභාවිත කිරීමට උත්සාහ දරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart