
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
1989 වසරේ සිදුවූ ටියැන්ඇන්මෙන් චතුරශ්‍ර මර්දනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඔවුන්ගේ ඥාතීන්ගේ සොහොන් බිම් වෙත යාම චීන බලධාරීන් විසින් තහනම් කරනු ලැබීම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය දැඩි ලෙස හෙළා දුටුවේය. චීන බලධාරීන් මෙවැනි තහනමක් පැනවූයේ වසර 37කට පසු පළමු වතාවටය.
‘ටියැන්ඇන්මෙන් මවුවරුන්ගේ සංගමය’ පවසන පරිදි, 1989 මිලිටරි මර්දනයෙන් දරුවන් අහිමි වූ පවුල්වලට බීජිං නුවර පිහිටි ‘වන්ආන්’ සුසානභූමිය වෙත නොපැමිණෙන ලෙසත්, එහි කිසිදු සැමරුම් උත්සවයක් සංවිධානය නොකරන ලෙසත් බලධාරීන් දන්වා තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්යක්ෂ සාරා බෲක්ස් මෙම තහනම හඳුන්වා දුන්නේ “හදවතක් නැති ක්‍රියාවක්” ලෙසය.
“මීට පෙර ජූනි 4 වැනිදාට යෙදෙන සංවත්සරයේදී මෙම මවුවරුන්ට සුසානභූමිය වෙත යාමට බාධා එල්ල වුණේ නැහැ. නමුත් මේ වසරේදී ටියැන්ඇන්මෙන් සැමරුම් මර්දනය කිරීමට රජය වඩාත් දැඩි පියවර ගෙන තිබෙනවා. මෙයින් පෙනී යන්නේ යුක්තිය සහ වගවීම ඉල්ලා සිටින ජනතාව පිළිබඳව රජය තුළ පවතින දැඩි අනාරක්ෂිත භාවයයි,” යනුවෙන් ඇය පැවසුවාය.
මෙම සංවත්සරයට සමගාමීව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සාමකාමීව රැස්වීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිට ජීවිත අහිමි කරගත් චීන සිවිල් වැසියන් අනුස්මරණය කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළේය.
කිසිදු ආකාරයක වාරණයකට අතීතය මකා දැමිය නොහැකියි යනුවෙන් පැවසූ ඔහු එහිදී අවධාරණය කළේය.
එමෙන්ම චීනයේ පිහිටි බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල තානාපති කාර්යාල ද මර්දනයෙන් පීඩාවට පත් වූවන්ගේ පවුල් වෙත සහය පළකරමින් සමාජ මාධ්‍ය සටහන් තබා තිබිණි.
කෙසේ වෙතත්, චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඓතිහාසික කරුණු විකෘති කරන බවත්, චීන දේශපාලන ක්‍රමයට මඩ ගසමින් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වන බවත් ඇය එහිදී චෝදනා කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart