
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීනය මෙන්ම තවත් රටවල් කිහිපයක්ද තම සත්වෝද්‍යාන සඳහා රිලවුන් (Toque macaque) ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
එම රටවල අදාළ තානාපති කාර්යාල හරහා මෙම ඉල්ලීම් සිදුකර ඇති බව ඔහු පාර්ලිමේන්තුවට පැවසීය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියාසිටියේ, රිලවුන් අපනයනය කිරීම අභියෝගයට ලක්කරමින් සත්ව හිමිකම් සංවිධාන සහ ක්‍රියාකාරීන් විසින් පෙත්සමක් ගොනුකර ඇති බැවින් අදාළ ක්‍රියාවලිය නතරකර ඇති බවයි.
වඳුරන්, වල් ඌරන්, මොනරුන් වැනි සතුන් නිසා වාර්ෂිකව බිලියන 20ක භෝග අස්වැන්නක් අහිමිවන බවද ඇමැතිවරයා පැවැසීය.
වගා හානි වැළැක්වීම සඳහා වඳුරන් අපනයනය කිරීමට එරෙහි වන සත්ත්ව හිමිකම් සංවිධාන සමඟ සාකච්ඡා කළ නමුත් ඒවායින් කිසිඳු ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් නොවූ බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart