
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රොයිටර් පුවත් සේවයේ ආර්ථික විද්‍යාඥයින්ගේ මත විමසුමකට අනුව, චීනයේ ආර්ථිකය මේ වසරේ සහ ඊළඟ වසරේ කළින් අපේක්ෂා කරන ලද මට්ටමට වඩා සැලකිවයුතු අඩුවක් සහිතව වර්ධනය වනු ඇත.
ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය කොවිඩ් වසංගතය හේතුවෙන් සැලකිවයුතු බිඳවැටීමකට ලක්වූ අතර, පශ්චාත් කොවිඩ් යුගයේ නැවත හිස එසවීමට අරගල කරමින් සිටී.
දශක ගණනාවක් තිස්සේ සංවර්ධනය කෙරුණු රටේ යටිතල පහසුකම්, ආයෝජනය සහ දේපල මේ වන විය ණයවලින් වැසීගොස් ඇත.
චීනයේ සහ ඉන් පිටත පදනම් වූ විශ්ලේෂකයන් 76 දෙනෙකුගෙන් සැප්තැම්බර් මුල් සතියේ රොයිටර් සිදුකළ මත විමසුමකට අනුව, මෙම වසරේ චීනයේ ආර්ථිකය 5.0% කින් පමණක් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කරන ලද අතර, එය ජූලි මාසයේ සිදුකළ සමීක්ෂණයදී පුරෝකථනය කරන ලද 5.5% ට වඩා සැලකිවයුතු අඩුවීමකි.
සියලුම ආර්ථික විද්‍යාඥයින් පාහේ පෙර සමීක්ෂණයට සාපේක්ෂව මේ වසරේ සහ ඊළඟ වසර සඳහා ඔවුන්ගේ වර්ධන ඉදිරි දැක්ම පහත හෙළා ඇති අතර, තත්වය තවත් උග්රවනු ඇතැයි ඉඟි පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart