
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනයයේ මතු වූ චෙම්මනි සමූහ මිනී වළවල්වලින් දරුවකුගේ යැයි විශ්වාස කරන දේහ කොටස් සොයාගෙන ඇත.
ඊට අමතරව, ඉංග්‍රීසි අකුරු කොටා ඇති නිල් පැහැති බෑගයක්, කුඩා බෝනික්කෙකු, සෙල්ලම් බඩු සහ සපත්තුවක් ඇතුළු අයිතමයන්ද හමුවී තිබේ.
යාපනයේ චෙම්මනි හි සිටුප්පති හි පිහිටි සමූහ මිනීවළෙන් පුරාවිද්‍යාඥයන් විසින් හිස් කබල් 38 ක් හඳුනාගෙන ඇත.
ඒවායින් අවම වශයෙන් 10ක් ළමයින් හෝ බාල වයස්කරුවන්ට අයත් බවට සැකකෙරේ.
අධිකරණ නියෝගයක් මගින් එම ස්ථානය අපරාධ ස්ථානයක් ලෙස නම්කර ඇත.
වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් කැණීම් කටයුතු අධීක්ෂණය කරන නීතිඥ රනිතා ඥානරාජා පවසා ඇත්තේ, බෑගය සමඟ කළින් හඳුනාගත් හිස් කබල්වලින් එකක්, සම්පූර්ණ දිනයක් තුළ කැණීමෙන් පසු සොයාගත් බවයි.
ඊයේ (01) දින සිට තවත් දේහයන් පහක් හඳුනාගෙන ඇති නමුත්, දේහයන් එකිනෙකට බැඳී ඇති බැවින් නිශ්චිත ගණන පැහැදිලි නොමැති බවත්, අස්ථි කැටි පහක් පමණ සොයා ගෙන ඇති නමුත්, ඒවායේ තත්වය හේතුවෙන් නිශ්චිත සංඛ්‍යාව තීරණය කිරීම දුෂ්කර බව නීතිඥ රනිතා ඥානරාජා පවසයි.
වෛද්‍ය පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව විසින්, භූමදාන කළ හැකි ස්ථාන ලෙස නම්කරන ලද ස්ථානවල ඊයේ (01) දින යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා සිසුන්ගේ සහ නල්ලූර් ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලයේ සහාය ඇතිව පරික්ෂා කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
මහාචාර්ය සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සෙල්ලයියා ප්‍රණවන් විසින් මැයි 15 වන දින චෙම්මනි සිටුප්පති සුසාන භූමියේ කැණීම් ආරම්භ කර ඇත.
1990 ගණන්වල චෙම්මනි කැණීම්වලට නායකත්වය දුන් වෛද්‍ය ක්ලිෆර්ඩ් පෙරේරා එම ස්ථානයට ගොස් දැනට කැණීම් අධීක්ෂණය කරන නිලධාරීන් සමඟ පූර්ව සොයාගැනීම් සාකච්ඡා කළ බව නීතිඥ ඥානරාජා සඳහන් කරයි.
චෙම්මනි සමූහ මිනීවළ මුලින්ම මතුවූයේ 1996 දී අධිකරණ සාක්ෂියකින් වන අතර, එහිදී පාසල් සිසුවියක් වන ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ සෝමරත්න රාජපක්ෂ චෙම්මනි ප්‍රදේශයේ භූමදාන ස්ථාන 300 සිට 400 දක්වා පවතින බව ප්‍රකාශ කළේය.
1999 වර්ෂයේදී ගොඩගත් මළ සිරුරු 15න් දෙකක් 1996 දී අතුරුදහන් වූ තරුණයන් ලෙස හඳුනාගෙන ඇති අතර, අනෙක් මළසිරුරු 13 සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදුකර නොමැති බව වාර්තා වේ.
නල්ලූර් ප්‍රාදේශීය සභාවේ සේවකයන් විසින් පෙබරවාරි 20 වැනි දින ඉදිකිරීම් ව්‍යාපෘතියක් සඳහා ඉඩම් පිරිසිදු කිරීමේදී මිනිස් අස්ථි කොටස් සොයාගැනීමෙන් පසුව සමූහ මිනීවළ නැවත වරක් ප්‍රසිද්ධියට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart