
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට ළමුන් ජාවාරම් කළ සිද්ධියක් සම්බන්ධයෙන් අනාවරණවීමත් සමග විදේශගත කරන දරුවන්ගේ ඉරණම පිළිබඳ බොහෝදෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ.
මැලේසියාවට එම දරුවන් යොමුකර ඇත්තේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා බව මේ වනවිට පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
මෙම සතියේදී මැලේසියාවෙන් පිටුවහල් කරන ලද අන්තර්ජාතික ළමා ජාවාරමේ සැකකාර දේශීය සහායකයා, 14 හැවිරිදි පිරිමි ළමයකු සහ ඔහුගේ පියා පිළිබඳ මූලික විමර්ශනවලින් පසු පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කර ගෙන ඇත්තේ එම දරුවා උසස් අධ්‍යාපන කටයුතු සඳහා පිටරට යවා ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ජාවාරම්, ජාවාරම් විමර්ශන සහ සමුද්‍ර ආරක්ෂක විමර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් පුවත්පත වෙත පවසා ඇත්තේ ජාවාරමට යොදාගෙන තිබූ ළමුන් 17දෙනාම 2023 මුල් මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවෙන් මැලේසියාවට නීතිවිරෝධී ලෙස රැගෙන ගිය බවට විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති බවයි.
කිසියම් දරුකමට හදා ගැනීමක් සඳහා හෝ කිසියම් ශාරීරික අවයවයක් ලබාගැනීම සඳහා ළමුන් ජාවාරම් කිරීමේ කිසියම් හැකියාවක් අනාවරණය වී ඇති ද යන්න එම නිලධාරියා බැහැර කර තිබේ.
මෙරට විදේශ ගමන් බලපත්‍රයට ඇතැම් බටහිර රටවල දුර්වල පිළිගැනීමක් ඇති නිසා දෙමාපියන් සහ අපරාධකරුවන් එවැනි ක්‍රමවලට යොමු වී ඇති බව ඔහු පවසා තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රවලින් දරුවන් මැලේසියාවට රැගෙන ගිය අතර පසුව ඔවුන් ව්‍යාජ මැලේසියානු විදේශ ගමන් බලපත්‍රවලින් උසස් අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, කැනඩාව, ස්විට්සර්ලන්තය වැනි රටවලට යවා ඇතැයි අනාවරණ වී ඇත.
ඒ සඳහා අපරාධකරුවන් එක් දරුවකුගෙන් රුපියල් මිලියන 7 සිට 9 දක්වා අයකර ඇති අතර ඔවුන් ආරක්ෂිතව විදේශ රටකට පිටත් කිරීම සඳහා ද පොරොන්දු වී තිබේ.
වාර්තා වන සියලුම ළමා ජාවාරම් සිද්ධීන් ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තා වූ බැවින් බටහිර රටවල දෙමළ ඩයස්පෝරාවේ සිටින දරුවන්ගේ ඥාතීන් මූල්‍යමය වශයෙන් ආධාර කර ඇති බවට පළවන වාර්තා නිලධාරියා බැහැර නොකළේය.
අන්තර්ජාතික මිනිස් ජාවාරම් කණ්ඩායම පිටුපස සිටින ප්‍රධාන ක්‍රියාකාරීන් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart