
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩි ප්‍රමාණයක් සිටින කලාපයක් ලෙස පසුගියදා හඳුනාගැනුණු බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඊයේ (27) පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මෙම තොරතුරු අනාවරණය විය.
රැස්වීමේදී අදහස් දැක්වූ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි පැවැසුවේ, මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 320දෙනකු හඳුනාගෙන ඇති අතර ඉන් 64දෙනකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1,439ක් බවද ඔහු පැවැසීය.
මේ අතර කුරුණෑගල, රත්නපුර සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් පිළිවෙළින් මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් 1,432, 960 සහ 909 හඳුනාගෙන ඇත.
පවතින තත්ත්වයට එරෙහිව සටන් කිරීම සඳහා කොළඹ නගර සභාව විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවත්, හඳුනාගත් සියලුම ළමුන් සභාවේ වෛද්‍ය නිලධාරීන් විසින් නිරීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය.
කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් හමුවූ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට පෝෂණීය ආහාර ලබාදීමට සභාවෙන් කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart