
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටක විනාශය ළඟාකිරීමට ස්වභාවික ආපදා පමණක් නොව දුර්වල අධිකරණ පද්ධතියක් ද හේතු විය හැකි බවත්, එවැනි බිඳ වැටීමක් සිදු වුවහොත් කිසිදු අන්තර්ජාතික ආධාරයකින් හෝ සහායකින් රටක් යථාතත්ත්වයට පත් කළ නොහැකි බවත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අවධාරණය කරයි.
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ පැවැති නව මහේස්ත්‍රාත්වරුන් පිළිගැනීමේ උත්සවයකදී අදහස් දක්වමින් අගවිනිසුරුවරයා මේ බව කියාසිටියේය.
ජනතා ස්වෛරීභාවය සුරැකීමේදී අධිකරණයේ කාර්යභාරය සහ නීති ක්ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය පිළිබඳව අගවිනිසුරුවරයා මෙහිදී කරුණු කිහිපයක් පෙන්වාදුන්නේය’
ඒ අනුව, ජනතා ස්වෛරීභාවය විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ ඡන්ද බලය යන ප්‍රධාන අංශ හතරකින් සමන්විත වේ. ඉන් තුන්වැනි බලය වන අධිකරණ බලය විනිසුරුවරුන්ගේ පෞද්ගලික එකක් හෝ අධිකරණ සේවා කොමිසමෙන් දුන් එකක් නොව, ජනතාවගෙන් උරුම වූවකි. එම නිසා විනිසුරුවරුන් ක්‍රියාකළ යුත්තේ ජනතාවගේම ප්‍රයෝජනය සහ යහපත උදෙසාය.
එසේම, අධිකරණයේ ස්වාධීනත්වය යනු විනිසුරුවරයෙකු වූ පමණින් තමන්ට රිසි සේ කටයුතු කිරීමට ලැබෙන අවස්ථාවක් නොවේ. එය ජනතාව අධිකරණය කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීම වෙනුවෙන්ම පවත්වාගත යුත්තකි.
තවද, අධිකරණ සංවිධාන පනතට අනුව නීතිඥවරුන් ලෙස බඳවාගත යුත්තේ යහපත් කීර්තියක්, නිපුණතාවක් සහ දැනුමක් ඇති පුද්ගලයන් පමණි. නීතිඥවරයකු ලෙස ලියාපදිංචි වීමෙන් පසුව ද එම සදාචාරාත්මක හැසිරීම සහ වගකීම අඛණ්ඩව පවත්වාගෙන යාම අනිවාර්ය වේ.
අධිකරණ පද්ධතියේ සහ නීති වෘත්තියේ ගුණාත්මකභාවය බිඳ වැටීමට ඉඩ නොතබා, මහජනතාව වෙනුවෙන් සිය වගකීම් උපරිමයෙන් ඉටු කිරීමට කැපවන ලෙස අගවිනිසුරුවරයා මෙහිදී නව මහේස්ත්‍රාත්වරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart