
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරියකගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ලිංගික අතවර කළ බව කියන එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින රෝගියකු අත්අඩංගුවට ගත් බව දකුණු කළුතර පොලිසිය පවසයි.
සැකකරු කිසියම් රෝගී තත්වයක් මත මතුගම පිඹුර රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා වැඩිදුර ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහල වෙත ඇතුලත් කළ අයෙකු බවද පොලිසිය පවසයි.
එලෙස නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එහි සිටි වෛද්‍යවරිය විසින් සැකකරුගේ රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී එක් වරම ඇයගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවත්, එම අවස්ථාවේදී පොලිසියට පැමිණිලි කරන බවට සැකකරුට පවසා යළිත් රුධිර පීඩනය පරීක්ෂා කිරීමට යාමේදී දෙවැනිවරටද වෛද්‍යවරියගේ පපු ප්‍රදේශය ස්පර්ශ කර ඇති බවට ලද පැමිණිල්ලෙහි සදහන් වන බවද පොලිසිය පවසයි.
ඒ අනුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහගම සමගිපුර තැන්නහේන ප්‍රදේශයේ පදිංචිකරුවකි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart