
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චැනල් 4 වැඩසටහනේදී නම් සඳහන් කළ ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි ශාන්තිකාන්තන් නොහොත් පිල්ලෙයාන් පවසන්නේ තමා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන අපරාධ පැමිණිල්ලක් ගොනු කරන බවයි.
ශිවනේෂතුරෙයි ශාන්තිරකාන්තන් බදාදා (06) චැනල් 4 හරහා කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කිරීමට උත්සාහ කළේය.
ශිවනේෂතුරෙයි ශාන්තිරකාන්තන් බදාදා (06) චැනල් 4 හරහා කරන ලද චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකිරීමට උත්සාහ කළේය.
“පොලිස්පතිගෙන් උපදෙස් ලබාගෙන ඔහුගේ අනුමැතිය ඇතිව පැමිණිල්ල භාරදෙන ලෙස නිලධාරීන් මට දැනුම් දුන්නා. මම බ්‍රහස්පතින්දා (07) හමුවීමක් ලබාගත්තා. මම පොලිස්පතිවරයා සමඟ කතා කර ලේඛන භාර දෙනවා” යැයි ඔහු ජනමාධ්‍ය වේදීන් හමුවේ සඳහන් කළේය.
පෙරේදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිවනේෂතුරෙයි ශාන්තිරකාන්තන් කියාසිටියේ, චැනල් 4 වැඩසටහනේ චෝදනා එල්ල කරන හන්සීර් අසාද් මවුලානා නම් පුද්ගලයා තමා සහ තම සංවිධානය සමඟ එක්ව කටයුතු කළ නමුත්, දැන් ඔහු රැකවරණය සහ ජීවිතයේ යම් ආකාරයක ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමේ යෙදී සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart