
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය රූපවාහිනී ජාලයක් වන ‘චැනල් 4’ විකාශනය කරන ලද වාර්තා චිත්‍රපටයේ චෝදනා විමර්ශනය කිරීම සඳහා අලුතින් පත්කරන ලද ජනාධිපති කමිටුව විසින් නැවුම් සහ ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
නව කමිටුව විසින්, මීට පෙර පත්කළ කමිටුවලින් බැහැරව, අලුතින් සාක්ෂි සම්පාදනය කරන බව පැවැසේ.
එම ක්‍රියාවලිය අවසන් කර වාර්තාව සම්පාදනය කිරීමෙන් පසු, කමිටුව විසින් සිය සොයාගැනීම් පසුගිය විමර්ශනවල සොයාගැනීම් සමඟ සංසන්දනය කර, ඒවා අතර වෙනස් තොරතුරු තිබේදැයි සොයාබැලීමට නියමිත බව දැනගන්නට ඇත.
වාර්තා අනාවරණය කරන ආකාරයට, සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදුන් පසු විධිමත් පරීක්ෂණ ආරම්භ කිරීමට කමිටුව කටයුතු කරනු ඇත.
කමිටුවේ නියෝගයට අනුගත වෙමින් විමර්ශනයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂිකරුවන්ගේ සාක්ෂි හොඳින් සළකා බලන බවත් අදාළ ලේඛන පරීක්ෂා කරන බවත් පැවැසේ.
පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි.ඉමාම්ගේ සභාපතිත්වයෙන් යුත්, විශ්‍රාමික ගුවන් හමුදාපති ඒ.සී.එම්. ජයලත් වීරක්කොඩි සහ ජනාධිපති නීතීඥ හර්ෂ ඒ.ජේ. සෝසා ඇතුලත් ත්‍රිපුද්ගල කමිටුවක් මේ වෙනුවෙන් පත්කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart