
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් මෑතක දී වාර්තා චිත්‍රපටයක් මගින් කරන ලද චෝදනා පදනම් කර ගනිමින් නව නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදහස් නොකරන බව කතෝලික සභාව ඊයේ (24) ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත්, පුද්ගලයන් 269 දෙනෙක්ට මරු කැඳවූ සහ තවත් සිය ගණනකට තුවාල සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුත් පූර්ණ විමර්ශනයක් සඳහා තමන් අධිෂ්ඨානශීලීව කටයුතු කරන බව කතෝලික සභාව සඳහන් කර තිබේ.
චැනල් 4 හි වාර්තා චිත්‍රපටයෙන් සඳහන් කෙරුණේ, රාජපක්ෂලාට, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට ඒමට පාර කැපීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ පහසුකම් සැලසීම මත ත්‍රස්ත ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ප්‍රධානියා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
චැනල් 4 නාලිකාව විසින් කරන ලද හෙළිදරව් කිරීම් මත පදනම්ව පල්ලිය යම් නීතිමය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්නේද යන්න පිළිබඳව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් විමසූ විට පියතුමන් සඳහන් කර ඇත්තේ, අදාළ වාර්තා චිත්‍රපටයේ නීතිමය පදනමක් නොමැති චෝදනා පමණක් අඩංගු බැවින් එසේ කිරීමට අදහස් නොකරන බවයි.
එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වන්නේ මේ සමස්ත කාරණය සම්බන්ධයෙන් නැවුම් විමර්ශනයක් කිරීම බව පියතුමන් පවසා තිබේ.
ත්‍රස්තවාදී ප්‍රහාර, ඊට අනුබල දුන් පුද්ගලයන් හෝ පාර්ශ්ව, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඇති වූ සිදුවීම්, මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවල අඩුපාඩු සහ චැනල් 4 විසින් එල්ල කරන ලද චෝදනා වැනි සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එවැනි පරීක්ෂණයක් සිදු කළ යුතු බව පියතුමන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart