
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට පටහැනිව යමින් මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නමින් ‘කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රාථමික පාසල’ නමින් පාසලක් නම්කර ඇති බවත්, එම නම ඉවත් කළ යුතු බවත් ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පෙන්වාදෙන්නේ, 1996 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයකට අනුව ජීවතුන් අතර සිටින පුද්ගලයකුගේ නමින් පාසලක් නම් කළ නොහැකි බවයි.
“කෙහෙළිය සමාජයට වැරදි ආදර්ශයක් දීලා, හිරේ ගියා. ඒ නිසා ඔහුගේ නමින් පාසලක් නම් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි.” යැයි ලේකම්වරයා අවධාරණය කරයි.
‘මහින්ද රාජපක්ෂ’ නමින් පාසල් නම් කිරීමේදී ද එම මතභේදය මතුව තිබිණි. රාජපක්ෂ පාලන සමයේදී එම පාසල් නම් කිරීම ආරම්භ කළ පුද්ගලයා ඇමැති බන්දුල ගුණවර්ධන බවද ස්ටාලින් පෙන්වාදෙයි.
එබැවින් තවමත් ජීවතුන් අතර සිටින පුද්ගලයන්ගේ නමින් පාසල් නම්කිරීමට එරෙහිව වහා පියවර ගන්නා ලෙස එම සංගමය ඒකකය රජයට බලකර සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart