
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රභූ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සංශෝධන කිහිපයක් විෂයභාර අමාත්‍යවරයා වෙත යෝජනා කර ඇත.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා නිලධාරීන් යෙදවීම දැනට පවතින තර්ජන තක්සේරුව මත පදනම් විය යුතු බවට පොලිසිය යෝජනා කර ඇත.
මීට අමතරව, හිටපු ජනාධිපතිවරුන් සඳහා සංශෝධිත ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.
විවිධ ආරක්ෂක රාජකාරි සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මෙහිදී යෝජනා කර ඇති අතර, අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබුණු පසු මෙම නිර්දේශ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart