
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැනට ජෛවමිතික ඇඟිලි සලකුණු ස්කෑනර් යන්ත්‍ර ක්‍රියාත්මක නොවන සියලුම රාජ්‍ය ආයතනවල එම උපකරණ සවිකිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
The Morning පුවත්පත වෙත අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න පවසා ඇත්තේ, බොහෝ රාජ්‍ය ආයතන දැනටමත් ජෛවමිතික ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන අතර, ඒවා තවමත් හඳුන්වා දී නොමැති කාර්යාල ද පවතින බවයි.
එබැවින් ඉදිරියේදී එම සියලුම ස්ථානවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට රජය පියවර ගන්නා බවත්, එය රාජ්‍ය සේවකයන්ට මෙන්ම රජයටද ඉතා පහසු ක්‍රියාවලියක් බවත් ඔහු පවසයි.
වත්මන් ආණ්ඩුව යටතේ අතිකාල දීමනා වැඩිකිරීමත් සමඟ එම ගෙවීම් නිවැරදිව සිදුකිරීමට වග බලාගැනීම වැදගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නේ මහජන මුදලින් බැවින්, ඔවුන්ගේ වැටුප් සහ අතිකාල දීමනා ගෙවන විට ඒවා නිවැරදිව ගණනය කළ යුතු බවයි.
ඇඟිලි සලකුණු යන්ත්‍ර වැදගත් වන්නේ එබැවින් බව ද ඔහු සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart