
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ පැවැත්වෙන් කාන්තා ප්‍රිමියර් ලීග් (women’s premier league (wpl)) තරගාවලියේ UP වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරන චමරි අතපත්තු 2025 අවසන් අදියරෙන් ඉවත් වනු ඇතැයි වාර්තා වේ.
ඒ, මාර්තු 4 වැනිදා නේපියර්හිදී ආරම්භ වන නවසීලන්ත එක්දින තරග සංචාරය සඳහා ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වන බැවිනි.
ආබාධයකට ලක්ව සිටින නිත්‍ය නායිකා ඇලිසා හීලි නොමැතිව දැනටමත් ක්‍රීඩා කරන යූපී වොරියර්ස් කණ්ඩායමට චමරිගේ ඉවත්වීම දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි පැවසේ.
මේ වනවිට පළවන වාර්තා අනුව පෙබරවාරි 26 දක්වා චමරි අතපත්තුව UP වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් තරග කිරීමට නියමිතය.
පෙබරවාරි 26 වැනිදා මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව බැංගලෝර්හිදී පැවැත්වෙන තරගයෙන් පසුව, UP වොරියර්ස් පිල තරගාවලියේ අවසන් ලීග් අදියර සඳහා ලක්නව් බලා පිටත්ව යන අතර එහිදී ඔවුන් තරග තුනකට ක්‍රීඩා කරනු ඇත.
කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කර ඇත්තේ එක් තරගයක් පමණක් වන අතර, එහිදී ඔවුන් චමරි අතපත්තුව ඉවත් කළ කිරීම හමුවේ එහි ප්‍රතිඵලයක් ලෙස ගුජරාට් ජයන්ට්ස් හමුවේ පරාජයට පත්විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සඳුදා ප්‍රකාශයට පත්කරන ලද 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ නායිකාව ලෙස චමරි අතපත්තු නම් කර තිබේ.
එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 22 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
මෙම වාරයේ WPL හි සිටින එකම නවසීලන්ත ක්‍රීඩිකාව වන Amelia Kerr හට එළඹෙන තරඟාවලිය අහිමි වනු ඇතැයි ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart