
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් 2023 වසරේ එක්දින කණ්ඩායම සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද ප්‍රකාශයට පත්කරන ලදී.
එ අනුව, ICC 2023 වසරේ එක්දින කාන්තා කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට හිමිව තිබේ.
ICCය ඊයේ ප්‍රකාශයට පත්කළ 2023 වසරේ පන්දුවාර 20 කාන්තා කණ්ඩායමේ නායකත්වය ද චමරි අතපත්තුට හිමිව තිබේ.
මේ අතර, 2023 වසරේ ICCය නම් කළ ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්ව සිටිය එකම ශ්‍රී ලංකික ක්‍රීඩකයා වන්නේ දිමුත් කරුණාරත්න වන අතර, එම කණ්ඩායමේ නායකත්වය ඕස්ට්‍රේලියාවේ පැට් කමින්ස්ට හිමිව ඇත.
කෙසේවෙතත්, රෝහිත් ෂර්මා නායකත්වයට පත්කරමින් ICCය නම් කර ඇති 2023 වසරේ පිරිමි එක්දින කණ්ඩායමට කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ඇතුළත්ව නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart