
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්දින කාන්තා ක්‍රිකට් පිතිකාරිණියන් අතර පෙරමුණට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැමිණ තිබේ.
ඒ අනුව එක්දින කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩිකාව ලෙසය චමරි අතපත්තු ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක්වෙයි.
ඊයේ(03) නිමාවු නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලියේදි දැක්වු දක්ෂතා හේතුවෙන් චමරි ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පැමිණි අතර, එම තරගාවලියේදී ඇය ශතක දෙකක් වාර්තා කළාය.
චමරි අතපත්තු නවසීලන්ත තරගාවලියට පෙර එක්දින කාන්තා පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි 07වන ස්ථානයේ පසුවිය.
එක්දින කාන්තා ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමේ බෙත් මුනි පෙරමුණේ පසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart