
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන සංචාරයකට සහභාගී වීමට අවස්ථාව අහිමි වීම නිසා පාර්ලිමේන්තුව තුළ නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් මෑතකදී එක් දිනක පාර්ලිමේන්තු සභා ගර්භ තහනමකට ලක්වූ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක, අවසානයේ එම චීන සංචාරයටම එක්වීමට සමත්ව තිබේ.
ඔහු විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව, ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය පියවර ගැනීමත් සමඟ මෙම අවස්ථාව උදාවී ඇත.
ඒ අනුව, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්නයගේ ප්‍රධානත්වයෙන් යුත් මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු දූත පිරිස සමඟ එක්වීමට චාමර සම්පත්ට හැකිවිය.
ශ්‍රී ලාංකීය මන්ත්‍රීවරුන් වෙනුවෙන් චීනයේ බීජිං නුවර සහ ගුවැන්ඩොං ප්‍රාන්තයේ සංවිධානය කර ඇති විශේෂ වැඩමුළුවකට සහභාගී වීම සඳහා මෙම කණ්ඩායම පසුගිය සතියේදී දිවයිනෙන් පිටත්ව ගියේය.
චීනයේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අන්තර්ජාතික සහයෝගිතා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන එළඹෙන ජූනි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම පුහුණු වැඩසටහන යටතේ බීජිං, ෂෙන්සෙන් සහ ගුවැන්ඩොං ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් දේශන, සාකච්ඡා, ආයතනික සංචාර සහ ක්ෂේත්‍ර නිරීක්ෂණ රැසක් සංවිධානය කර ඇත.
එහිදී චීනයේ පාලන තන්ත්‍රය, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් නවීකරණය, තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය සහ තිරසාර සංවර්ධන මුලපිරීම් පිළිබඳව ශ්‍රී ලංකා මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාව මෙම වැඩමුළුව සඳහා සහභාගී වීම, දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉහළ නැංවීමටත් මෙන්ම ශ්‍රී ලංකාව සහ චීනය අතර ආයතනික සහයෝගීතාවය සහ දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීමටත් හේතුවන බව පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart