
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චයිනා එවර්ග්‍රෑන්ඩ් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ සැක සහිත “නීති විරෝධී අපරාධ” සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බව චීනයෙන් වාර්තා වේ.
ඩොලර් බිලියන 300 කට වඩා වැඩි මුළු වගකීම් සහිත ලොව වඩාත්ම ණයගැති දේපල සංවර්ධකයා වන Hui Ka Yan තවමත් සමාගම පවත්වාගෙන යෑමේ තත්වයක සිටීද යන්න හෝ ඔහු කුමන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේද යන්න මෙතෙක් චීනය අනාවරණය කර නැත.
සමාගමේ සභාපතිවරයා පොලිස් මුරකාවල් යටතට පත් කර ඇති බවට පළ වූ වාර්තාවකින් පසු එම සමාගමේ කොටස් වෙළෙඳාම පසුගියදා අත්හිටුවන ලදී.
එවර්ග්‍රෑන්ඩ් සමාගම පවසා ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු කොටස් අත්හිටුවන බවයි.
“‘හූයි කා යාන්’ නීතිවිරෝධී අපරාධ සම්බන්ධයෙන් සැක කිරීම හේතුවෙන්, නීතියට අනුකූලව අනිවාර්ය ක්‍රියාමාර්ගවලට යටත් වී ඇති බවට අදාළ බලධාරීන්ගෙන් සමාගමට දැනුම් දී ඇති බව සමාගම මෙයින් නිවේදනය කරයි,” යනුවෙන් Evergrande පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart