
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සර්වජන බලය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු නීතීඥ නලින් පතිරණට සහ දෙරණ මාධ්‍ය ජාලය පවත්වාගෙන යනු ලබන පවර් හවුස් ලිමිටඩ් ආයතනය වෙත රුපියල් මිලියන 500 බැගින් (මුළු මුදල රුපියල් බිලියනයක්) වන්දි ඉල්ලා ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සිරිල් ඇන්ටන් පෙරේරා විසින් සිය නීතීඥවරයා මාර්ගයෙන් එන්තරවාසි යොමුකර තිබේ.
තමන් සතු වෘත්තීය සහ සමාජීය කීර්තිනාමයට සෘජුව සහ වක්‍රෝත්තියෙන් බරපතළ හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව අදාළ එන්තරවාසිවල සඳහන් වේ.
නීතීඥ සම්පත් යාලෙවත්ත මඟින් යොමුකර ඇති මෙම එන්තරවාසිවල දැක්වෙන්නේ, පසුගිය 2026 ජුනි 19 වැනිදා හෝ ඒ ආසන්න දිනකදී නලින් පතිරණ විසින් කැඳවා තිබූ ජනමාධ්‍ය සාකච්ඡාවකදී සිරිල් ඇන්ටන් පෙරේරාට එරෙහිව අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති බවයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නලින් පතිරණ මෙම ප්‍රකාශය සිදුකර තිබිණි.
එහිදී ඔහු චෝදනා කර තිබුණේ ඇන්ටන් පෙරේරා පශු සම්පත් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී, ඕස්ට්‍රේලියානු කිරිගව ව්‍යාපෘතියේ ප්‍රධාන ගණකාධිකාරී සහ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ උපදේශක ලෙස එකවිට තනතුරු තුනක් දරමින් වැටුප් තුනක් අනීතික ලෙස ලබාගෙන ඇති බවයි.
මෙම චෝදනා පදනම් විරහිත සහ ද්වේශ සහගත ඒවා බව පෙන්වාදෙන ඇන්ටන් පෙරේරා, තමන් 2015 වසරේදී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල තීරණයක් මත බව සඳහන් කරයි.
එහිදී ඔහුට වැටුප් ගෙවනු ලැබුවේ ඔහුගේ නිත්‍ය සේවා ස්ථානය වූ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයෙන් පමණක් වන අතර, දූෂණ මර්දන කාර්යාලයෙන් ලබාගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය යටතේ හිමිවූ රුපියල් 21,527.50ක මාසික දීමනාව පමණක් බවත්, 2017 වසරෙන් පසු එම දීමනාවද ලබානොගත් බවත් එන්තරවාදියේ පැහැදිලි කර ඇත.
එමෙන්ම කිරිගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු සඳහාද අමාත්‍යාංශ නිලධාරීන්ට හිමිවන අතිරේක දීමනාව හැර වෙනත් කිසිදු නිත්‍ය වැටුපක් ලබානොගත් බවත්, ඒ අනුව තනතුරු තුනකට වැටුප් තුනක් ගත් බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් ඔහු කියා සිටී.
මීට අමතරව, සුගීෂ්වර බණ්ඩාරට එරෙහිව තමන් කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවද හෙතෙම අවධාරණය කරයි.
අදාළ අසත්‍ය ප්‍රකාශය වෙනත් ජනමාධ්‍ය ආයතන විසින් එතරම් අවධානයට ලක්නොකළ පසුබිමක, සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීරට අයත් දෙරණ මාධ්‍ය ජාලය විසින් සිය විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ එයට ඉහළ ගුවන් කාලයක් ලබාදෙමින් ප්‍රචාරය කළ බවට චෝදනා එල්ල වේ.
කිසිදු කරුණු විමසීමකින් තොරව මෙම අසත්‍ය ප්‍රකාශය විකාශය කිරීම රජය විසින් ලබා දී ඇති මහජන සංඛ්‍යාත සහ විකාශන බලපත්‍ර අවභාවිත කිරීමක් බවද එහි දක්වා ඇත.
දිලිත් ජයවීර දේශපාලනඥයෙකු වීමත්, ඔහුට සේවාදායකයා සමඟ පවතින ද්වේශ සහගත දේශපාලනික යටි අරමුණු මෙයට හේතු වී ඇති බවත් ඇන්ටන් පෙරේරා විශ්වාස කරයි.
වසර 18ක දීර්ඝ රාජ්‍ය සේවා කාලයක් තුළ නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගිය වරලත් රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරයකු වන තමන්ට සිදුකළ මෙම අපහාසය හේතුවෙන් සිදුවූ හානිය රුපියල් මිලියන 500 බැගින් තක්සේරු කර තිබේ.
ඒ අනුව මෙම එන්තරවාසිය ලැබී දින 7ක් ඇතුළත අදාළ වන්දි මුදල් ගෙවීමට කටයුතු නොකළහොත්, නෛතික පොලිය සහ නඩු ගාස්තුද ඇතුළත්ව අධිකරණය හමුවේ නඩු පවරන බව නීතීඥ සම්පත් යාලෙවත්ත වැඩිදුරටත් දන්වා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart