May 30, 2026

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති රවී නිශ්ශංක එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික හේතුවක් මත තමා සභාපති ධුරයෙන් ඉවත් වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත.

තමා මැයි 29 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් සමුගන්නා බව සිය සමීපතමයින් සහ හිතවතුන් වෙත කෙටි පණිවිඩයක් නිකුත් කරමින් ඔහු දන්වා ඇත.

“මගේ ධුර කාලය තුළ ඔබ ලබා දුන් සහයෝගය සහ දිරිගැන්වීම්වලට ස්තූතියි” යනුවෙන් රවී නිශ්ශංක එම පණිවිඩයේ සටහන් කර තිබේ.

මේ අතර, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, සභාපතිවරයා පසුගිය මැයි 27 වැනි බදාදා දින අවසන් වරට කාර්යාලයට පැමිණි බවයි.

ඉන් පසුව ඔහු විසින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.