
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය ව්‍යුහය ශ්‍රී ලංකා බලශක්ති අමාත්‍යාංශය විසින් ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, ඒ අනුව මැයි මාසයේදී පරිභෝජනය කරන ලද ආනයනික ඉන්ධන තොගවලින් සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබා ඇති බව අනාවරණ වේ.
මේ පිළිබඳව ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සටහනක් තබමින් ඇඩ්වොකාටා ආයතනයේ සභාපති මුර්ටාසා ජැෆර්ජි පෙන්වා දෙන්නේ, සහනාධාර පවා එකතු කිරීමට පෙර මෙම පාඩුවේ පරිමාණය ඉතා ඉහළ මට්ටමක පවතින බවයි.
ප්‍රකාශිත දත්තවලට අනුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පමණ ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 367ක සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 325ක පමණ ද පාඩුවක් ලබයි.
ජැෆර්ජි සඳහන් කරන්නේ භූමිතෙල් සඳහා කිසිදු බදු සංරචකයක් අඩංගු නොවන බැවින්, එහි සමස්ත හිඟය සෘජුවම පාඩුවක් ලෙස සංස්ථාවට බලපාන බවයි.
ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා අය කෙරෙන සමස්ත බද්ද රුපියල් 163ක් පමණ වන අතර, එම බදු මුදල පිරිවැය පරතරයට සාපේක්ෂව අඩු කළද, ඩීසල් ලීටරයකින් සිදුවන ශුද්ධ පාඩුව රුපියල් 162ක් පමණ ඉහළ මට්ටමක පවතී.
එසේම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් ලැබුවද, ඒ සඳහා රුපියල් 101ක බදු සංරචකයක් ඇතුළත් වන බැවින් එමඟින් සිදුවන පාඩුව යම් තාක් දුරකට සමනය වන බව ද ඔහු පෙන්වා දෙයි.
“මෙම සංඛ්‍යාලේඛන මඟින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී සිටින මූල්‍ය පීඩනයේ බරපතළකම මනාව පැහැදිලි වෙනවා” යැයි පැවසූ ජැෆර්ජි, රටේ ආර්ථිකයට එල්ල වන මෙම බර තේරුම් ගැනීම සඳහා ඉන්ධන පිරිවැය පිළිබඳ විනිවිදභාවයක් පැවතීම අත්‍යවශ්‍ය බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart