
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දළ නිල සංචිත 2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.
චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත් වන අතර, එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වේ.
දළ නිල සංචිත ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීම් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද ලැබීම්ය.
සමස්තයක් වශයෙන්, මහ බැංකුව 2023 වසරේ දී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් පමණ මිලදී ගෙන ඇත.
චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාර් පහසුකම ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් මස වන විට දළ නිල සංචිතවල ආනයන ආවරණය 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට ආනයනික මාස 03ක සීමාව ද අභිබවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 දෙසැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart