
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික ව්‍යාපාර 14ක් වශයෙන් බෙදා වෙන්කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක පවසයි. සභාපතිවරයා පෙන්වාදෙන්නේ යෝජිත විදුලි පනත් සංශෝධනයත් සමඟ මෙලෙස ලංවිම පෞද්ගලික ව්‍යාපාර 14 ක් බවට පත්වීමට නියමිත බවයි.
එහිදී නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ මහවැලිය, ලක්ෂපාන ඇතුළු ජල විදුලි බලාගාර මෙන්ම අනෙකුත් සියලුම ජලවිදුලි බලාගාරද පෞද්ගලික ව්‍යවසායන් බවට පත්කිරීමට නියමිත බව ඔහු කියා සිටියේය.
එසේම විදුලි බල මණ්ඩලයේ සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් (EPF, ETF) සහ විශ්‍රාම වැටුප් අරමුදල් කළමනාකරණය කිරීම සඳහාද නව සමාගමක් පිහිටුවනු ලැබේ.
ඊට අමතරව තවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙනුවට, බලශක්ති ඇමැතිවරයා විසින් පාලනය වන, නව විදුලි කොමිෂන් සභාවක් පිහිටුවීමට නියමිත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart