
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 දී සිදු කරන ලද වැටලීම්වලින් වංචනික ලෙස විදුලිය භාවිත කළ පුද්ගලයන් සහ කණ්ඩායම්වලින් රුපියල් මිලියන 90කට අධික පාඩුවක් බලධාරීන් විසින් අයකර ගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ආයතනයට සිදු වූ පාඩු සඳහා වන්දි වශයෙන් රුපියල් 90,242,561.21ක් අයකර ගත් බවත්, අධිකරණ ගාස්තු ලෙස තවත් රුපියල් 2,527,500ක් අයකර ගත් බවත් ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩල විශේෂ විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණවලින් විදුලි මීටර විකෘති කිරීමේ සිද්ධීන් 1,259ක් සහ කොකු භාවිතයෙන් නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීමේ සිද්ධීන් 72ක් අනාවරණ කරගෙන තිබිණි.
එවැනි වැරදි හේතුවෙන් සැළකිව යුතු මූල්‍ය අලාභයක් සිදුවී ඇති බව මණ්ඩලය පැවසීය.
වංචනික ලෙස විදුලිය භාවිත කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත් බව නිවේදනයේ සඳහන් වේ.
ලංකා විදුලිබල මණ්ඩල විශේෂ විමර්ශන ඒකකයේ විමර්ශන කළමනාකරු ඉන්දික ප්‍රනාන්දු පැවසුවේ අත්අඩංගුවට ගත් අය අතර විවිධ සමාජ පසුබිම්වල පුද්ගලයන් සිටින බවයි.
විදුලි වංචාවලට අදාළ තොරතුරු 011-2422259 හෝ 1987 ක්ෂණික ඇමතුම් අංකයට අමතා වාර්තා කරන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart