
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලය වෙනුවෙන් තමන් සමාව අයදින බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
X සමාජ මාධ්‍ය වේදිකාවේදී ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා ඔහුගේ අවධානය යොමු කරවමින් තබා තිබූ සටහනකට පිළිතුරු සටහනක් තබමින් ඇමැති කංචන විජේසේකර මේ බව ප්‍රකාශකර තිබිණි.
ජීවන් තොණ්ඩමන් ඇමැතිවරයා සිය සටහනින් ප්‍රකාශ කර තිබුණේ ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගේ ‘සම්පූර්ණ’ ප්‍රකාශය සංවේදනයෙන් තොර සහ පිළිගත නොහැකි අතර කංචන විජේසේකර ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයේ ඇතුළත් කරුණු සංවේදනය සහ වෘත්තීයභාවය පිළිබඳ ඌනතා මතුකරන බව කංචන විජේසේකර ඇමැතිවරයා ද සඳහන් කරයි.
ඔහු අවධාරණය කරන්නේ එම ප්‍රකාශය රජයේ හෝ ලංකා විදුලිබල මණ්ඩලයේ අදහස් පිළිබිඹු නොකර බවයි.
එම මාධ්‍ය ප්‍රකාශකවරයා අදාළ ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත්, ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින බවත්, ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වය තමන්ට දන්වා ඇතැයි ද ඇමැති කංචන විජේසේකර පවසයි.
ඇමැතිවරයා පවසන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළමනාකාරීත්වය ද නිසි පියවර ගනු ඇති බවයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පසුගියදා ප්‍රකාශකර තිබුණේ විදුලිය නොමැතිනම් පාඩම් කිරීම සඳහා කුප්පි ලාම්පුව භාවිත කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart