
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සැක කටයුතු මරණය සිදු වූ අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා ක්‍රියාත්මකව පැවති නමුත් එම පද්ධතිය මගින් දිගු කාලයක් දර්ශන පටිගත කර නොමැති බවත් මරණය සිදු වූ ස්ථානයේ කිසිදු දර්ශනයක් සීසීටීවී පද්ධතියට හසු වී නොමැති බවත් කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට අද දැනුම් දුන්නේය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සැක කටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් සාක්ෂි විභාගයකොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ අද පැවැත්වුණු අතර, එහිදී තවත් සාක්ෂිකරුවන් හය දෙනෙක් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
අද අධිකරණය හමුවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකාශ කළේ, මැයි 12 වැනිදා මියගිය මෙම පුද්ගලයාට අයත් තවත් නිවසක් පරීක්ෂා කිරීම සඳහා අපරාධ කොට්ඨාසය සෝදිසි වරෙන්තුවක් ලබාගෙන නිවස සෝදිසි කර ඇති බවයි.
ඉන්පසු, නිවසේ තිබී සොයාගත් ලැප්ටොප් පරිගණකයක් සහ තවත් ලේඛන කිහිපයක් නඩු භාණ්ඩ ලෙස අද අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
මරණය සිදු වූ ස්ථානයේ සීසීටීවී දර්ශන පොලිස් භාරයට ගෙන තිබේද යන්න මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරියාගෙන් ප්‍රශ්න කළේය.
ඊට ප්‍රතිචාර වශයෙන්, මරණය සිදු වූ අරවින්ද ද සිල්වාගේ නිවසේ සීසීටීවී කැමරා ක්‍රියාත්මක බව නිලධාරියා ප්‍රකාශ කළ නමුත් පද්ධතිය මගින් දර්ශන පටිගත කර නොමැති බව අධිකරණයට දැනුම් දුන්නේය.
කෙසේවෙතත්, නිවසට ඇතුළුවීමේ සහ පිටවීමේ මාර්ග අසල නිවාසවල සියලුම සීසීටීවී දර්ශන පොලිස් භාරයට ගෙන ඇති බව නිලධාරියා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart