August 10, 2026

මාලිගාවත්ත බී සී සී පාලම අසල අද සිදුවූ බවට වාර්තා වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ CCTV දර්ශන මේවනවිට නිකුත් වී තිබේ.

පොලිසිය පවසන පරිදි, යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරු වින්දිතයා දෙසට වෙඩි තබා ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ බවයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අදාළ තැනැත්තා පසුව මියගොස් තිබිණි. මෙලෙස මියගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සමීප ඥාතියෙකු බවට වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති පොලිසිය, ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.