
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගොස් තිබේ.
උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ.
අඛණ්ඩව තෙවැනි මාසයටත් වාර්ෂික ලක්ෂ්යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8ට සාපේක්ෂව එය 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.2ක් විය.
මේ අතර, ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 8.7හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා තවදුරටත් පහළ ගොස් ඇත.
2023 සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි දර්ශකයේ මාසික වෙනස, සියයට 0.88ක් ලෙස වාර්තා විය.
මෙයට ප්රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙලින්, සියයට 0.18 ක් සහ සියයට 0.70ක් විය.
එසේම, ආර්ථිකයේ යටිදැරි උද්ධමනය(underlying inflation) පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.6හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.9 දක්වා පහළ ගොස් තිබේ.
අපේක්ෂා කළ පරිදි මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සමඟ සුදුසු ප්රතිපත්ති ක්රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart