July 2, 2026

‘ඉන්ෆිනිටි රෝවර්’ (Infinity Rover (Pvt) Ltd) නැමති පෞද්ගලික සමාගම, ලංකාවේ තහනම් කර ඇති පිරමිඩ ක්‍රමයේ ජාවාරමක නිරත වී ඇති බවත්, එය මෙහෙයවා සහ ප්‍රවර්ධනය කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

සංශෝධිත 1988 අංක 30 දරන බැංකු පනතේ 83(සි) වගන්තිය යටතේ සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් පසුව මහ බැංකුව මෙම තීරණයට එළඹ ඇත.

මහ බැංකුව විසින් අද (ජූලි 01) නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් මඟින්, මෙරට තුළ ක්‍රියාත්මක වන තහනම් පිරමිඩ ජාවාරම්, යෙදවුම් (Apps) සහ ආයතන ඇතුළත් යාවත්කාලීන කරන ලද ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මෙම නවතම ඇතුළත් කිරීමත් සමඟ මහ බැංකුව විසින් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත තහනම් පිරමිඩ ආයතන සහ යෙදවුම් සංඛ්‍යාව 25ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම යාවත්කාලීන කරන ලද ලැයිස්තුවට අලුතින්ම එක් වූ ‘Infinity Rover (Pvt) Ltd’ සමාගමට අමතරව, මීට පෙර මහ බැංකුව විසින් තහනම් කරන ලද Qnet/Questnet, MTFE App සහ ඒ හා අනුබද්ධ කණ්ඩායම්, OnmaxDT, Fastwin (Pvt) Ltd, Ledger Block, Sport Chain, SGO/sgomine.com ඇතුළු ආයතන රැසක් ද තවදුරටත් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ බැංකු පනත යටතේ මෙවැනි පිරමිඩ ක්‍රමවේදයන් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බැවින්, මෙවැනි වංචනික ජාවාරම්වලට සම්බන්ධ වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙසත්, ඒ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙසත් මහ බැංකුව මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.

පහතින් දැක්වෙන්නේ තහනම් කරන ලද අදාළ සමාගම් ලයිස්තුවයි.

1. Tiens Lanka Health Care (Pvt) Ltd
2. Best Life International (Pvt) Ltd
3. Mark – Wo International (Pvt) Ltd
4. V M L International (Pvt) Ltd
5. Global Lifestyle Lanka (Pvt) Ltd
6. Fast3Cycle International (Pvt) Ltd
7. Sport Chain app, Sport Chain zs society Sri Lanka
8. OnmaxDT
9. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
10. Fastwin (Pvt) Ltd
11. Fruugo Oline App/ Fruugo Oline (Pvt) Ltd
12. Ride to Three Freedom (Pvt) Ltd
13. Qnet/ Questnet
14. Era Miracle (Pvt) Ltd. And Genesis Business School
15. Ledger Block
16. Isimaga International (Pvt) Ltd
17. Beecoin App and Sunbird Foundation
18. Windex Trading
19. The Enrich Life (Pvt) Ltd
20. Smart Win Entrepreneur (Pvt) Ltd
21. Net Fore International (Pvt) Ltd./ Netrrix
22. Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd
23. SGO/sgomine.com
24. I.C.A.N Advertising (Pvt) Ltd සහ ඊට අනුබද්ධිත icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / 25. 25. bannercuts.org
26. Infinity Rover (Pvt) Ltd