
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්ෂණ සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන මේ වන විටත් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පවසයි.
නව ආණ්ඩුවේ පළමු කැබිනට් තීරණ පිළිබඳ දැනුම්දීම සඳහා කැඳවා තිබෙන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉහත විමර්ශන කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව මත එම පියවර ගත් බව ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති මුක්තිය අවසන්ව ඇති බැවින් ඔහුටද ඇතැම්විට නිතිය හමුවේ පිළිතුරු ලබාදීමට සිදුවනු ඇති බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දුෂිත නිලධාරීන් සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.
එහෙත් මැතිවරණ සමයේ ඒ සඳහා පියවර නොතබන බව ඇමැතිවරයා කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart