
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පශු සම්පත් ගොවිපොළක ගබඩා කර තිබූ මස් කිලෝග්‍රෑම් 12,000 ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු බව සොයාගැනීමෙන් පසු මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම ප්‍රදේශයට ඉකුත් දා බලපෑ ගංවතුර හමුවේ එම ගොවිපොළට ජලය ගලාවිත් ඇති අතර ඒ හේතුවෙන් ශීතකරණයේ විදුලිය විසන්ධි වීම හමුවේ එහි ගබඩා කර තිබූ මස් තොගය නරක් වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ ක්ෂණික ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව මෙම මස් තොගය සොයාගෙන තිබේ.
අදාළ ස්ථානයට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම පරිශ්‍රය පරීක්ෂා කර එහි තිබූ මස් තොගයට මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස පැවසීය.
මස් සාම්පල අද රජයේ රස පරීක්ෂකවරයෙකු වෙත වැඩිදුර පරීක්ෂණ සඳහා යැවීමට නියමිත අතර එම වාර්තාව මත පදනම්ව නීතිමය පියවර ගන්නා බව ද නිලධාරීන් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart